ඉස්ලාම ආගමට හරවා ගැනීමට වැසිකිළියේ කැමරා සවිකර සිසුවියන්ගේ අඩ නිරුවත රූගත කළ මුස්ලිම් ගුරුවරයා රිමාන්ඩ්

සමාජ ජාල ඔස්සේ නිරුවත් චායරුප ප්‍රචාරය කරන බවට බිය ගන්වමින් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක සිංහල තරුණියන් බෞද්ධ ආගමෙන් ඉස්ලාම ආගමට හරවා ගන්නා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ගුරුවරයෙකු පිළිබඳව වාර්තා වේ.
මොහු තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාදය සම්බන්ධයෙන් දේශන පැවැත්වූ බව කියන මුස්ලිම් ජාතිකයෙකු වන අතර ඔහු ලබන 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ(13) මෙම නියෝගය ලබා දී තිබෙනවා.

ඔහු මේ වන විටත් සිංහල තරුණියන් දෙදෙනෙකු මුස්ලිම් ආගමට හරවා ඇති අතර ඊට පසු ඔහු ඔවුන් සමග විවාහ වී තිබෙනවා.

අදාළ සැකකාර ගුරුවරයා තමන් යටතේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට විෂය දැනුම ලබාදීම පසෙක තබා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාදය සම්බන්ධයෙන් දේශන පැවැත්වූ බවට ද චෝදනා එල්ලවී තිබෙනවා.

මෙම පුද්ගලයා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ගුරුවරයෙකි.

ඔහු හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් මුස්ලිම් මන්ත්‍රී වරයෙකුගේ මිනිබිරිය සමග විවාහ වී සිටිනවා. ඊට අමතරව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට උදව් කලේ යයි සැක කරන දේශපාලකයෙකුගේ සමීපතම හිතවතෙකි.
හෂීම් අහමඩ් නැමති මෙම සැකකරු අදාළ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයේ හිමිකරුගේ දියණිය ඇතුළු තරුණ සිසුවියන් සිය ශාරීරික අවශ්‍යතා සඳහා වැසිකිළිය වෙත ගිය අවස්ථාවලදී සහ ඇඳුම් මාරුකරන ස්ථානවලදී ඉතා සුක්ෂම ලෙස එකී අඩ නිරුවත් දර්ශන වීඩියෝ ගත කර ඇති බවටද චෝදනා එල්ල වී තිබෙනවා. එම චායරුප සහ වීඩියෝ වට්ස් ඇප් ඔස්සේ ප්‍රචාරය කරන බවට තර්ජණය කිරීම, ලිංගික අතවර කිරීම සහ බියට පත් කර මුදල් ලබා ගැනීම ඔහුට එරෙහිව ඇති චෝදනා වනවා.

එම ආයතනයේ හිමිකරුගේ දියණියට ද මුස්ලිම් ආගමට බැඳෙන ලෙස මෙම පුද්ගලයා තර්ජනය කොට ඇති අතර එසේ නොවීම හේතුවෙන් වැසිකිලියේ කැමරා සවි කොට ඉන් ලබා ගත් දර්ශන ප්‍රසිද්ධ කරන බවට බියවද්දා තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එම ආයතන හිමිකරු කොල්ලු පිටිය පොලීසිය වෙත ගිය අවස්ථාවේදී පොලිස් ස්ථානය තුළදී ආයතන හිමිකරුට අදාළ සැකකරු තර්ජනය කර ඇති බවත් පැමිණිලේ නිතීඥවරුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය.

එම කරුනු සලකා බැලු කොටුව මහෙස්ත්‍රාත්වරයා එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව වාර්තා වුණා.

Leave A Reply

Your email address will not be published.