පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් ඉන්දීය ආරක්ෂක අත්අංඩගුවට

මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අංඩගුවට ගෙන තිබේ.

දකුණු ඉන්දියාවේ කොයිම්බතෝර් ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ඉන්දීය ත්‍රස්ත විරෝධි විමර්ශන ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙයි.

සැකකරු මොහොමඩ් අසාරුඩීන් නමැති 32 හැවිරිදි අයෙකු බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන් හෂීම් සමඟ සැකකරු සබඳතා පවත්වා ඇති අතර ඔහු සහරාන්ගේ ෆේස් බුක් සමාජ ජාල මිතුරෙකු බවට ද හඳුනාගෙන තිබේ.

ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ වැටලීම් වලදී අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 05 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව ඉන්දීය ජාතික විමර්ශන ආයතනය ප්‍රකාශ කර ඇත.

අයි එස් සංවිධානයට සම්බන්ධ එම සැකකරුවන් කේරළ ප්‍රදේශයේ තරුණයන් බඳවා ගැනීම් සිදුකර ඇති බව වාර්තා වෙයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට දකුණූ ඉන්දියාවේ අයි.එස් සටන්කාමින් සොයා ඉන්දීය ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave A Reply

Your email address will not be published.