අද පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා කියා සිටියේ නැගෙනහිර පළාතේ නාම පුවරුවල අරාබි අකුරු සඳහන් කළේ සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට බවය.
එහිදී ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දුන් හිස්බුල්ලා මහතා වැඩි දුරටත් සඳහන් කළේ කාන්තන්කුඩි ප්‍රදේශයේ රට ඉඳි ගස් වගා කළේ රස්නයට ඔරොත්තු දීම සඳහා බවය.