ජාතීන්ගේ අනුපාතයට අනුව ඉල්ලීම් ලබාදිය යුතුයි

කුමන රජයක් පත් වුවද ඉදිරියේදී ජාතීන්ගේ අනුපාතයට අනුව ඉල්ලීම් ලබාදීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

යුතුකම සංවිධානය ඊයේ(12) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ එක් එක් ජාතීන් නියෝජනය වන පරිදි මණ්ඩලයක් පත් කර ඒ මඟින් ඉල්ලීම් ඉටුකිරීම කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මේ බව පැවසීය.

බොරු කියලා සියලු ජාතීන් රවටනවා. ඒ මත සිත් පීඩාවක් තියෙන්නෙ. ආණ්ඩුව දිහා ඇස් ඇරලා බලන් ඉන්නවාඇමතිලා, ආණ්ඩුකාරවරු අස්වුණාට. ප්‍රශ්නයට විසඳුමක් නෑ

රට එක නීතියක් යටතට ගේන්න ඕනෙ. ජනතා අනුපාතයට අනුව කටයුතු කරන්න.

Leave A Reply

Your email address will not be published.