පාසල්වල ආරක්ෂාවට තවදුරටත් මව්පියන් එපා – අධ්‍යාපන අමාත්‍යාංශය

පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මකව පවතින බැවින් මව්පියන් සම්බන්ධ කරගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වනවිට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් යහපත් වාතාවරණයක් පවතින බැවින් පාසල්වල ආරක්ෂාව සඳහා මව්පියන් පාසල්වලට පැමිණ ආරක්ෂාව සැපයීම අවශ්‍ය නොවන බවට නිවේදනයක් නිකුත් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මේ සම්බන්ධව සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂවරුන් හා සියලු ම පාසල් ප්‍රධානීන් වෙත නිවේදනයක් මඟින් දැනුවත් කර ඇත.

Leave A Reply

Your email address will not be published.