ශ්‍රී ලාංකිකයින් සියලූදෙනාම පාහේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දක්වන්නේ ඉහළ උද්යෝගයකි. ක්‍රිකට් ක්‍රීඩාවට ඇලූම් කරන ආදරය කරන මෙම සියලූම ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන්, ප්‍රමුඛතම ගෝලීය සන්නිවේදන ජාලය වන Viber වෙතින් ලෝක ශුරතා ක්‍රිකට් බෝට් තරඟාවලියක් හඳුන්වා දී තිබේ.
Viber හඳුන්වාදුන් මෙම අසම සම ක්‍රීඩාශීලිත්වය ඉහළ නංවන ක්‍රිකට් බෝට් මගින් දැන් සියලූම ක්‍රීඩා ලෝලීන්ට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉදිරි ජයග්‍රාහකයින් පිළිබඳව සහ තරග ප්‍රථිපල පිළිබඳව අනාවැකි පල කිරීමේ විනෝද ජනක අවස්ථාවත්, තරග පිලිබඳ තම හැගීම් ප්‍රකාශ කිරීමේ අවස්ථාවත් හිමිවෙයි.
මීට අමතරව, විවිධ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා ලෝලීන් සමඟ ඔබට ප්‍රධාන පුවරුවේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන අතර අනෙකුත් ක්‍රීඩා ලෝලි හිතවතුන් අතර ඔබට ප්‍රමුඛත්වයක් ලබා ගත හැකි ශේණි ගත කිරීම් ද සහිතය.
මෙම තරගය මැයි මස 30 වනදා සිටා ජූලි මස 14 වනදා දක්වා ක්‍රියාත්මක වේ. එහිදී ක්‍රිකට් බෝට් සමග එකතුවන Viber පරිශීලකයන්ට දිනපතා පැවැත්වෙන තරඟ පිළිබඳව පෙර දැනුවත් කිරීම් සිදු කරනු ලැබේ. එහිදී ක්‍රීඩාලෝලින් එම තරගය පිළිබඳව ඔවුන්ගේ අනාවැකි සහ ප්‍රථිිපල තරඟය ඇරඹීමට ප්‍රථම ප්‍රකාශ කළ යුතුය.
මෙහිදී තරගකරුවන්ට ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩකඩක් ලබා දීම සඳහා කරුණු හතරක් යටතේ ලකුණු ලබා දීම සිදු කෙරෙයි. එහිදී (I) කාසියේ වාසිය ජයග්‍රාහකයා – ලකුණු 01, (II) තරගයේ ජයග්‍රාහකයා – ලකුණු 03, (III) A කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව – ලකුණු 10, (IV) B කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව – ලකුණු 20කි. සියලූම නිවැරදි පිළිතුරු සඳහා පරිශීලකයන්ට හිමිවන ලකුණු ඔවුන්ගේ ප්‍රධාන පුවරුවේ ස්වයංක්‍රියව එකතු වේ.
මෙහිදී ජයග්‍රාහි කණ්ඩායම සහ ලකුණු පිළිබඳව නිවැරදිව අනාවැකි කියන සියලූ දෙනාටම තරග ජයග්‍රහණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 1ක වටිනා කමින් යුතු මුදල් කුවිතාන්සියක් හිමිවන අතර එය අගෝස්තු මාසයේ දෙවන සතිය දක්වා භාවිත කිරීමේ හැකියාව හිමිවෙයි.
මෙම තරඟයේ අවසාන මහා ජයග්‍රාහකයින් තිදෙනා වෙනුවෙන් ද වටිනා ත්‍යාග Viber වෙතින් පිරි නැමීමට නියමිතය. එහිදී වැඩිම ලකුණු රැස්කර ගනිමින් තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා Viber තරඟ කරුවා වෙත මෙම futuristic iPhone X දුරකථනයක්, දෙවන ස්ථානයට ලකුණු ලබා ගන්නා තරගකරුවාට Smart TV එකක් සහ තෙවන ස්ථානයට iPad ප්‍රදානය කෙරේ.