වායු චණ්ඩ මාරුතය අද(13) උදෑසන ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයෙන් රට තුළට ඇතුල්වීමට නියමිතව තිබේ.
මේ හේතුවෙන් වෙරළාශ්‍රිතව ජීවත්වන බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගත්තා.
සුළි කුණාටු වර්ගීකරණයට අනුව වායු සුළි කුණාටුව අයත් වන්නේ ප්‍රබලත්වයෙන් අඩු පළවන මට්ටමටයි.
පැයට කිලෝමීටර් 145ත් 155ත් අතර වේගයකින් ඇරබියන් මුහුද ඔස්සේ හමායන එහි වේගය පැයට කිලෝමීටර් 170 දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ බලධාරීන් පවසයි.
වායු චණ්ඩමාරුතයේ බලපෑමෙන් ගුජරාටය ආශ්‍රිත මුහුද ප්‍රදේශය බෙහෙවින් රළු ස්වාභාවයක් ගෙන තිබේ.
වෙරළාශ්‍රිත කලාපයේ වෙසෙන තුන්ලක්ෂයකට අධික පිරිසක් මේ වන විට ආරක්ෂිත ස්ථානවලට යවා ඇති බව ගුජරාට ප්‍රාන්තයේ බලධාරීන් සඳහන් කළේය.
එමෙන්ම ආපදා සහන සේවා සඳහා හමුදා කණ්ඩායම් සූදානම් කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබේ.
මේ ඍතුවේදී ඉන්දියාවට බලපෑ දෙවන විශාලතම සුළි කුණාටුව මෙයයි.
පසුගිය මාසයේදී නැගෙනහිර වෙරළ තීරයට බලපෑම් එල්ල කළ ෆොනී සුළිකුණාටුව හේතුවෙන් එරට වැසියන් තිස් හතර දෙනෙක් මියගියේය.