රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර ඇති බවට සැක කෙරෙන සකස් කරන ලද තේ කොළ කිලෝ 178යි ග්‍රෑම් 400ක ප්‍රමාණයක් පොලිස් විෂේශ කාර්ය බලකා නිලධාරීන් විසින් සිය බාරයට ගෙන ඇත.
බුලත්සිංහල ඉහළ වෙල්ගම පිහිටි කර්මාන්තශාලාවකින් මෙම තේ කොළ තොගය සිය බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.
අදාළ තේ කොළ සාම්පල කීපයක් තේ මණ්ඩලයේ බදුරලිය ශාඛාව වෙත යොමු කර ඇති අතර ඉතිරි තේ කොළ තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා බුලත්සිංහල පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
බුලත්සිංහල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.