කාසල් රෝහලේදී මුස්ලිම් කාන්තාවන් වද බවට පත් කරනවා..- සෞඛ්‍ය රාජ්‍ය ඇමතිගෙන් බරපතල චෝදනාවක්..

කොළඹ කාසල් රෝහලේ දී මුස්ලිම් කාන්තාවන් වඳ බවට පත් කරන සැත්කම් සිදුකර ඇතැයි හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමති ෆයිසල් කාසීම් මහතා චෝදනා කරයි.
මේ ආකාරයේ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙන බවද පවසන ඔහු ඉදිරියේ දී මේ සියලු තොරතුරු රැස්කර ගනිමින් විමර්ශන බලධාරීන් වෙත යොමු කරන බවද කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ අම්පාර නින්දවූර් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
මුස්ලිම් කාන්තාවන් තම තුන්වන දරුවා ප්‍රසූතිය සිදු කල විට ශරීර සෞඛ්‍ය දුර්වල යැයි පවසමින් මෙම වඳ සැත්කම් සිදුකර ඇති බවද සඳහන් කළ ඔහු මේ ගැන ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් සමගින් මෑතකදී පැවති සාකච්ඡාවකදි හෙළි වූ බවද පැවසුවේය.
Leave A Reply

Your email address will not be published.