හිස්බුල්ලාගේ කාලයේ කාත්තන්කුඩිය අරාබිකරණයකට ලක් වු හැටි Video

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාගේ කාලය අතරතුර කාත්තන්කුඩි ප්‍රදේශය අරාබිකරණයකට ලක්වූ බව කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි සහ ඉස්ලාම් සම්මේලනයේ සභාපති , නීතීඥ අබ්දුල් යුවයිස් මහතා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ විශේෂ තේරීම් කාරක සභාවට ඊයේ (11) සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ විශේෂ තේරීම් කාරක සභාව හෙට (13) දිනයේදීත් සාක්ෂි සටහන් කරගැනීමට නියමිතයි.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා , රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් යන අය ඊට කැඳවා තිබේ.

එහිදි නීතීඥ අබ්දුල් යුවයිස් මහතා දක්වු ුදහස් පහත පරදි වේ,

“සහරාන් හෂීම් දුගී පවුල් පසුබිමක කෙනෙක්. ඔහු අධ්‍යාපනය සම්පූර්ණ කරලා තියෙන්නේ 05 ශ්‍රේණියට පමණයි.

පසුව කාත්තන්කුඩියේ ජමියතුල්ෆලා අරාබි පාසලේ සිසුවෙකු ලෙස ඔහු ඇතුළු වී තිබෙනවා.

ඔහුගේ වැරදි චර්යා රටා නිසා ඔහුව 2005 දී පාසලෙන් ඉවත් කිරීමට පරිපාලන මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

2006 දී පමණ ඔහු ඔහුගේ ගිනි අවුලන ප්‍රකාශ සිදුකරන්න පටන්ගත්තා. ඒ වගේම ඔහු මුස්ලිම් සිසුන් ජාතික ගීයට නැගිට අචාර නොකළ යුතු බවට ප්‍රචාරය කළා.

එය ආන්දෝලනයක් ඇතිකළා. සහරාන් ජපානයට ගොස් යළි පැමිණ ඔහු පෙර කටයුතු කරමින් සිටි සංවිධානයේම වැඩ ආරම්භ කළා.

නමුත් ඔහු හා සංවිධානයේ සාමාජිකයින් අතර මතගැටුමක් තිබුණා. සහ ඔහුව දාරුල්අගර් සංවිධානයෙන් ඉවත් කළා. ඉන්පසුව තමයි ඔහු ජාතික තවුහිද් ජමාත් සංවිධානය ආරම්භ කළේ.

2017 මාර්තු 10 වෙනත් මත දරන ජනතාවට විරුද්ධව ඔහු ව්‍යාපාරයක් ආරම්භ කළා . සහරාන්ගේ අනුගාමිකයින් පිහි සහ කඩු භාවිත කළා. සහරාන්ව අත්අඩංගුවට පත්වුණේ නැහැ.”

Leave A Reply

Your email address will not be published.