වත්මන් පාලනයට තමන් විරුද්ධ වන්නේ යළිත් වරක් රාජපක්ෂ පාලනයකට දොරටු විවර කිරීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද(12) කොළඹ පැවති විරෝධතාවකට එක්වෙමින්ය.
මහජන ආරක්ෂාව නොසලකා හැරපු පාලකයින්ට තවදුරටත් රට පාලනය කිරීම සඳහා කිසිම අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.
අනුර කුමාර දිසානායක මහතා පවසයා සිටියේ මහජන ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් නව ව්‍යාපාරයකට බලය ලබා දිය යුතු බවයි.
මේ අතර රටේ බොහෝ දේශපාලන තීන්දු ගනු ලබන්නේ අමෙරිකානු සහ ඉන්දිය තානාපති කාර්යාල බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
රට පාවාදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.