ජනපති අද තජිකිස්ථානයට

තෙදින සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) තජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

තජිකිස්ථානයේ දුශාන්බේහි පැවැත්වෙන ආසියානු අන්තර් ක්‍රියාකාරකම් හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබද සම්මේලනයේ පස්වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව යන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

Leave A Reply

Your email address will not be published.