පළාත් කිහිපයකට අදත් තද වැසි

දිවයින හරහා, විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය සහ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැක.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

අනුරාධපුර, යාපනය, මඩකලපුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

Leave A Reply

Your email address will not be published.