හිස්බුල්ලා අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යළි අද (13) රැස්වීමට නියමිතව ඇත.

අද පස්වරු 03.30ට කාරක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

අද දිනයේදී කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට දැනුම් දී ඇත.

ඊට අමතරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට ද අද දිනයේ විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.