පාස්කු බෝම්බ කමිටුවේ Master Plane එලියට.. මෛත‍්‍රී ජනාධිපති ධුරයෙන් ඉවත් කර වැඩබලන ජනාධිපති රනිල් යටතේ ජනාධිපතිවරණක් ද

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ එකම අරමුණ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ධුරයෙන් ඉල්ලා අස් වීමට සැලැස්වීම හෝ දෝශාභියෝගයක් ගෙනවිත් ඔහු ධුරයෙන් ඉවත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

ඉන්පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස පත් කර ජනාධිපතිවරණය පැවැත්වීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බවද ඔහු කියා සිටියේය.

කතානායකවරයාට පුද්ගලයෙක් ඉලක්ක කරමින් දේශපාලනය කළ නොහැකි බවත් කතානායකවරයා විසින් විධායක ජනාධිපතිවරයා නොතකා කටයුතු කරමින් ඇති බවත් ඔහු චෝදනා කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

lankacnews ඇසුරෙනි

Leave A Reply

Your email address will not be published.