ලංකාවේ විදිහට ඉන්න අරාබියක් කරන්න එන්න එපා..- අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට අස්ගිරියෙන් කණේ පහරක්.. මාධ්‍යයටද කිසිත් නොකියා අස්ගිරියෙන් පැන යති.. [Video]

ශ‍්‍රී ලාංකික මුස්ලිම් සංස්කෘතියකට වඩා අරාබි මුස්ලිම් සංස්කෘතිය ඇති කිරීමට පිරිසක් උත්සාහ දරන බවත්, එම පිරිස සමබන්ධ චෝදනා එල්ල වු ඇමතිවරුන් තමන් නිවැරදි නම් ඒ බව රට හමුවේ තහවුරු කල යුතු බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පවසති.

එහිමියන් මේ බව කියා සිටියේ ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් අස්ගිරි-මල්වතු නාහිමිවරුන් බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදීය.

කණ්ඩායමක් ලෙස ඉල්ලා අස්වීම ගැන සැලකිය යුතු ලෙස තමන් වහන්සේලා අදහස් පල නකොල බවද කී නාහිමියන් එය මාධ්‍ය විසින් මතුකර පෙන්වූ බවත් සදහන් කලහ.

ටික වේලාවක් පැවති සාකච්චාව අවසානයේ හිටපු ඇමතිවරුන් පිරිස අස්ගිරි වමා විහාරයෙන් ඉවත්ව ගිය අතර මාධ්‍ය වෙතද අදහස් පල කිරීම ප‍්‍රතික්‍ෂෙප කලේය.

Leave A Reply

Your email address will not be published.