ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විය හැකි යයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සදහන් කරයි.
ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග පවත්වන ලද සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත ඒ මහතා මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරණය නියමිත පරිදි පැවැත්වෙනු ඇතැයි සිතිය හැකි බවද කී බැසිල් රාජපක්ෂ මහතා මීට පෙරද මැතිවරණ පවත්වන බවට කොමිසම විසින් සදහන් කර ඇති බවද සිහිපත් කලේය.