රුහුණු සරසවියේ ලිංගික හිංසා ඇතුළු නවක වදය වෙන හැටි උපකුලපති හෙළි කරයි Video

රුහුණු විශ්වවිද්‍යාල යනු නවක වදයට නම් දරාපු තැනක් බව එහි උපකුලපතිවරයා පවසයි.

මාතර ප්‍රදේශයේ පැවති රුහුණු සරසවියේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උපකුලපති ආචාර්ය ගාමිණි සේනානායක මහතා මෙම අදහස් පළ කළේය.

උඩින් මේ දෙස බලා නවක වදය නැති කළ නොහැකි බවත් එය විවරණය කර ගැනීමට නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මොවුන් නවක වදය වසරක කාලයක් පුරා ගෙන යන බවත්, එහිදී නවක සිසුන් සෑම උද්ඝෝෂණයක් කරාම ගෙන යා හැකි ලෙස මෙය සිදු කරන බව ද කියා සිටියේය.

නවක සිසුන් කොපමණ ප්‍රමාණයක් උද්ඝෝෂණවලට ගොස් ප්‍රමාද වී නැවත දේශනවලට එනවා ද යන්න පිළිබඳ තමාට දත්ත ඇති බවත් පැවසු කුලපතිවරයා, ජ්‍යෙෂ්ඨ සිසුන් කිසිවෙක් උද්ඝෝෂණ සඳහා යොමු නොවන බවද පැවසීය.

නවක සිසුන් බලහත්කාරයෙන් මේ සඳහා ගෙන යන බව ද පැවසු එතුමා තමාට දත්ත මඟින් පෙන්විය හැකි බව ද කියා සිටියේය.

නවක වදය හේතුවෙන් මෙය සිදු කරන බව ද වදකාගාර කාමර විශ්වවිද්‍යාල තුළ සකසා ගනිමින් ලිංගික වදහිංසාවට ළමයින් ලක් කරන බවත් පැවසු කුලපතිවරයා මේ සියලු තොරතුරු තමා සොයා ගෙන ඇති බව ද පැවසීය.

තමා ඒ යකඩ දොරගුළු දමා තිබු තැන් කැඩු බවත් පැවසු කුලපතිවරයා, මෙම ප්‍රදේශයට වසර 15 කින් කිසිදු ආචාර්යවරෙයෙකුට, කාරකමණ්ඩලයට හෝ ආරක්ෂක මණ්ඩලයට යා නොහැකි බව ද පැවසීය.

අප්‍රේල් 17 වන දින තමා ගොස් බලන විට ශිෂ්‍ය සංගමයේ සභාපති කලා පීඨයේ ශිෂ්‍යයෙක් ළඟ පොල් ගෙඩි තිබු බවත්, ඒවා සරසවි භූමියෙන් කඩා ගෙන ඇති බවත් පැවසු කුලපතිවරයා, එම පොල් ගෙඩි විකුණා ලබා ගන්නා මුදලින් තම ශිෂ්‍ය ව්‍යාපාරයට මුදල් යොදා ගන්නා බව ද කියා සිටියේය.

තමා එය නැවැත්තු බව ද පැවසු කුලපතිවරයා, පෙරටුගාමි පක්ෂයේ මෙම සිසුන් සමහරු සමාජිකත්වය ගෙන ඇති බවත්, ඔවුන්ගෙන් විමසු විට එවැන්නක් නොමැති බව පවසන බව ද කියා සිටියේය.

එම පක්ෂය විසින් සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන බව ද පැවසු කුලපතිවරයා මෙය නතර කර දැමුවේ නැති නම් ඉතා භයානක තත්ත්වයක් ඇති විය හැකි බව ද පැවසීය.

ඔවුන් ළමයි දේශපාලනයට නැඹුරු කර ගනිමින් ඔවුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන බවත්, තමා දන්නා සියලු දේ අද පවසන බවත් කියා සිටි උපකුලපතිවරයා අද වන විට තමාට හා පරිපාලනයට විරුද්ධව ව්‍යාපාර බොහෝමයක් ගෙන යන බව ද පැවසීය.

තමාගේ සරසවියේ සංවර්ධනය කර ගෙන යෑමට අද වන විට මොවුන් ඉඩ නොදීම හේතුවෙන් මෙම සියලු කරුණු අද දිනයේ දී මාධ්‍යයට හෙළි කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.