අදත් තද සුළං… ඉදිරි දිනවලත් තත්ත්වය මේ වගෙයි

දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් පවතිනු ඇතැයි ‍අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව හා‍ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

අනුරාධපුර, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කීපයක් ඇති වෙයි.

දිවයින හරහා විටින් විට පැයට කිලෝ මීටර 50 දක්වා තරමක තද සුළං ඇති විය හැකි අතර, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ හා උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමා යන සුළං වේගය පැයට කි‍‍ලෝ මීටර 60 ක් පමණ විය හැකි අතර, තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ අංශ පවසයි.

Leave A Reply

Your email address will not be published.