21 වන දා ප්‍රහාර සම්බන්ධයෙන් ඇත්ත තොරතුරු ලබා ගන්න ජනතාවට අවස්ථාව උදා කරපු පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අකර්මණ්‍ය කිරීමට ජනාධිපතිවරයා උත්සහ ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.
“පාලකයෝ තමන්ට වෙඩි නොවදින වාහන මිලට අරගෙන පාර්ලිමේන්තුවේ සී.සී.ටීවී කැමරා හයි කරගෙන තමන්ගේ ආරකෂාව හදාගන්නවා.
නමුත් ජනතාවගේ ආරකෂාව අයාලේ යනවා. තේරීම් කාරක සභාවේදී නිලධාරීන්ගේ සාකෂිවලින් පස්සෙත් ජනාධිපතිවරයා කරමින් තිඛෙන්නේ කුමක්ද? තමන්ගේ අඩුපාඩු හදා ගන්නවා වෙනුවට ජනාධිපතිවරයා 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්ත තොරතුරු ලබාගන්න ජනතාවට අවස්ථාව උදා කරපු පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අකර්මණ්‍ය කරන්න උත්සාහ කරනවා.
මහින්ද රාජපකෂ කණ්ඩායමත් එයට උදව් කරමින් ඉන්නවා. අපි ජනාධිපතිවරයාගෙන් අහනවා, ජනතාවට ඇත්ත තොරතුරු ලබා ගැනීමට අයිතියක් නැද්ද කියලා. “
මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“මෛත්‍රීපාල ජනාධිපතිවරයා ප්‍රශ්නවලට මුහුණ දෙනවා වෙනුවට කරන්නේ ප්‍රශ්නවලින් පලා යාමයි.
ඔහු උත්සාහ කරන්නේ ඇත්ත ප්‍රශ්න යට ගහන්නයි. මේ වෙලාවේ රටේ මහජන ආරකෂාව, ජාතික ආරකෂාව, රටේ ආර්ථීකයේ කඩා වැටීම ජනාධිපතිවරයාට අදාල නැහැ.
ඒ වෙනුවට ඔහු වඩුමඩු තහනම් කරන්න කතා කරනවා. එක වෙලාවක කුඩු මර්දනය කිරීමේ සටනේ ප්‍රමුඛයා වෙන්න උත්සාහ කළා.
තව වෙලාවක මරණ දඬුවම ගැන කතාකළා. ජනාධිපතිවරයා කරමින් සිටින්නේ මාසයකට එක විහිළුවක් කරන එකයි. ඔහුගේ ජනාධිපති ධුර කාලය තව මාස කිහිපයකින් අවසන් වෙනවා.
ඔහුට නැවතත් අපේ රටේ ජනාධිපතිවරයා වෙන්න කිසිදු හැකියාවක් නැහැ. ඉන්න ටිකේ ජනතාවට විහිළුවක් කරලා ඉන්නයි ඔහුගේ කල්පනාව.
මෛත්‍රීපාල ජනාධිපතිවරයා නිතරම උත්සාහ කළේ තමන්ගේ වගකීම නිලධාරීන් වෙත පැවරීමටයි. තේරීම් කාරක සභාව අහෝසි කරන්න උත්සාහ කරන්නෙත් ඒ නිසයි.
ජනාධිපතිවරයා අගමැතිවරයා එක්ක ගැටුම්. කථානායකවරයා එක්ක ගැටුම්, පාර්ලිමේන්තුව එක්ක ගැටුම්. ඒ වගේම රටේ ජනතාව එක්ක ගැටුමක් තියෙනවා. මේ ජනාධිපතිවරයාට කිසිවෙක් එක්ක වැඩ කරන්න බැහැ.
21 ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරපු තේරීම් කාරක සභාවෙන් රටට වුණු අනතුර මොකක්ද? ඒ ගැන කතා කරන කණ්ඩායමට අපි කියනවා පුළුවන් නම් සිදු වුණු අනතුර පිළිබඳව කරුණු සහිතව ඔප්පු කරන්න කියලා.
මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරන්න පාර්ලිමේන්තුවේ සියලූම පක‍්ෂ කැමති වුණා. මහින්ද රාජපකෂලාත් කැමති වුණා.
නමුත් මෙම තේරීම් කාරක සභාවට මහින්ද රාජපක‍්ෂලා නොගියේ ජාතික ආරකෂාව පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොවෙයි. රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා පිළිබඳව එහිදී සාකච්ඡා කරයි කියල.
නමුත් දැන් මහින්ද රාජපකෂලාගේ කණ්ඩායම නැතිව තේරීම් කාරක සභාවේ වැඩ ටිකක් කෙරීගෙන යනවා. ඒක ඔවුනට අවාසි සහගතයි.
ඒ නිසා ජාතික ආරකෂාව සම්බන්ධ ප්‍රශ්නයක් අරගෙන තිඛෙනවා. තේරීම් කාරක සභාවේදී සභාපතිවරයා කියනවා, නිලධාරීන්ට ජාතික ආරකෂාවට බලපෑමක් තිඛෙන ඕනෑම දෙයක් හෙළි නොකර ඉන්න අවස්ථාව ඔවුන්ට තිඛෙනවා කියලා.
ඒ නිසා මෙම තේරීම් කාරක සභාව රටේ ජාතික ආරකෂාවට හෝ බුද්ධි අංශවලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නය වෙලා තිඛෙන්නේ මාධ්‍යවලින් තේරීම් කාරක සභාවේ ඉතා කුඩා කොටස් පමණක් ප්‍රචාරය කිරීමයි. සභාපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ මාධ්‍ය වාර්තා කරනවා නම් මෙම ගැටලූව මතු වෙන්නේ නැහැ.“