පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් මුදල් ඇමති මංගල සමරවීර මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
මංගල සමරවීර මහතා
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
මුදල් අමාත්‍යාංශය
කොළඔ 01.
අමාත්‍යතුමනි,
ඉන්ධන මිල සම්බන්ධව.
ඉන්ධන මිල මිල සූත්‍රයට අනුව අද දින එනම් 2019/06/10 දින ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිතව ඇත.
අවසාන වරට ඉන්ධන මිල සංශෝධනය කරන ලද්දේ 2019/05/10 වන දිනය. එම දින සිට 2019/06/10 දින දක්වා ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සීඝුයෙන් පහත වැටී ඇත. තවද එම කාලවකවානුයේ ඩොලරයේ අගයද ස්ථාවරව පැවැති බව පැහැදිලිව පෙනී යයි.
එම නිසා 2019/06/10 වන දින ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී ඉහත කරැණු සැළකිල්ලට ගෙන ඉන්ධන මිල ඉතා වැඩි අගයකින් අඩු කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි
මෙයට,
රංජිත් විතානගේ ‐
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය