අලුතෙන් වඩු මඩු ලියාපදිංචිය තහනම් කිරීමට තමා පියවර ගනු ලැබුවේ වන විනාශය නැවැත්වීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මුලතිව්හිදී පැවති වැඩසටහනකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
“මේ හැමදෙයක්ම කරන්නේ ගස් කැපීම නවත්තන්න.
මම ඊයේ පෙරේදා වඩු මඩු අලුතින් ලියාපදිංචිය තහනම් කිවුවහම මට ගහන්න පටන් ඇරන්.
මම මේ නීති දාන්නේ මිනිස්සුන්ගේ හුස්ම ගැනීමේ අයිතිය ආරක්ෂා කරන්න.
අවුරුද්දකට 1.5%ක් කැළෑ කපනවා.
එතකොට අවුරුදු 15ක් ගියාම මේ රට කාන්තාරයක්.
ඒවා නවත්තන්නයි මම නීති දාන්නේ.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.