මෙරට විශිෂ්ඨ ඇමතිවරුන් වන මංගල සමරවිර හා රාජිත සේනාරත්න මෙරට හොඳ බෞද්ධයන් දෙදෙනෙකු ලෙස හඳුනාගෙන ඇතැයි පුජ්‍ය දඹර අමිල හිමියන් සඳහන් කරති.
එම දෙදෙනාට පන්සල්වලට ඇතුළු වන්නට එපා යයි තහනම් කිරීම සම්පූර්ණ වැරදි ක්‍රියාවක් යයිද අමිල හිමියන් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.
එම තහනම සම්බන්ධයෙන් තිරණය ගන්නා ලද ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ මූලාසනයේ සිටි භික්ෂූන් වහන්සේ පුංචි දැරියක් දූෂණය කර වසර හතක් එංගලන්තයේ බන්ධනාගාරගතව සිටි අයෙක් බවත් අමිල හිමියෝ කියා සිටියහ.
එවන් පුද්ගලයන් විසින් මෙවන් විශිෂ්ඨ ඇමතිවරුන්ට පන්සලට එන්න එපා යැයි තහනම් කිරීම තමන්ම හෑල්ලුවට පත් වීමේ කටයුත්තක් යයිද උන් වහන්සේ පැවසූහ.