දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි බලාපොරොත්තු වේ.
අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැක.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වලත් නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි අතර යාපනය දිස්ත්‍රික්කයේ සහ පොතුවිල් ප්‍රදේශයේ පැ.කි.මී. 50-60 දක්වා තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.