හදිසි මැතිවරණයක්..? ජනාධිපති-අගමැති-විපක්‍ෂ නායක තීරණාත්මක සාකච්ඡා..

පවත්නා දේශපාලන අවිනිශ්චිත බව තුරන් කිරීම සඳහා හදිසි මහ මැතිවරණයක් කැඳවීම සම්බන්ධව ජනාධිපති සහ අගමැති අතරද, ජනාධිපති සහ විපක්ෂ නායක අතරද මූලික සාකච්ඡාවක් මේ සතියේ පවත්වා ඇත.

මහ මැතිවරණයක් හදිසියේ කැඳවන්නේ නම් ඒ සඳහා සහාය දීමට ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා ප්‍රතිපත්තියක් ලෙස එකඟත්වයකට පත්ව සිටිති’යි වාර්තා වෙයි.

නමුත් අග්‍රාමාත්‍යවරයා තවමත් සිය ස්ථාවරය ප්‍රකාශ කර නැතැයි සඳහන් වෙයි.

එහෙත් ඒ සඳහා මැතිසබයේදී විශේෂ යෝජනාවක් සම්මත කළ යුතුය. ප්‍රධාන පක්ෂ සියල්ල එකඟත්වයකට පත්වන්නේ නම් මැතිසබයේදී ඊට අවශ්‍ය බහුතරය ලබාගැනීම පහසු කරුණකි.

එහෙත් එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් මෙන්ම එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද හදිසි මහ මැතිවරණ යෝජනාවට එකඟ නැතැයි දැනගන්නට ඇත.

කෙසේ හෝ මෙම කරුණ ගැන ඉදිරියේදී තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

  • deshaya
Leave A Reply

Your email address will not be published.