ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඉල්ලා අස්වෙයි

ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

සෞඛ්‍ය හේතුවක් මත තමන් ධුරයෙන් ඉවත්වන බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

එසේම මෙම මස පළමුවනදා සිට ඔහු ධුරයෙන් ඉල්ලා අස්ව ඇති බව ද වාර්තා වෙයි.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සිසිර මෙන්ඩිස් මහතා පසුගිය 29වන දා සාක්ෂි ද ලබා දුන්නේ ය.

මෙන්ඩිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්ය පොලිස්පති ලෙස සේවය කර ඇති අතර 2008 සිට 2009 දක්වා ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත.

Leave A Reply

Your email address will not be published.