රනිල්-කරූ-සජිත්ගෙන් අයෙක් එජාපයෙන් ජනාධිපතිවරණයට

ඉදිරි ජනාධිපතිවරණ එක්සත් ජාතික අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ, කරූ ජයසුරිය, සජිත් ප්‍රේමදාස යන නායකයින් අතරින් එක් අයෙකු තෝරාගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“කරූ ජයසූරිය, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම මේ රටේ ජනාධිපති අගමැති කථානායක ලෙස පත්වෙනවා.

ඒ අයගෙන් කවුද කියන තීරණය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගන්නා තීන්දුවක්.

ඒ සඳහා තව කල් තියෙනවා. මේ තුන්දෙනාගෙන් පිට කිසිවෙකුත් ඉදිරිපත් වෙන්නේ නෑ කියන කාරණය පැහැදිලියි.”

Leave A Reply

Your email address will not be published.