රට නන්නත්තාරයි – ආර්ථිකය සමතලා කරලා

අමාත්‍ය මංගල සමරවීර මහතා තම නොහැකියා වසා ගැනීම වෙනුවෙන් විවිධ ප්‍රකාශ විටින් විට නිකුත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද (07) පෙරවරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

“අද රට ලෝකය හමුවේ විහිලුවක් වෙලා විතරක් නෙවෙයි රටේ ජනතාවගේ ප්‍රශ්න යට ගහන වැඩසටහනක් බවට පත්වෙලා.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ආණ්ඩුවට මගහරින්න බෑ.

පොලිස්පතිවරයාට විදෙස් රටක තානාපතිකමක් දෙනවා ඒ නිසා අයින් වෙන්න කියලා ඇඟ බේරගන්න බෑ.

රට නන්නත්තාරයි. ආර්ථිකය සමතලා කරලා” ඔහු ප්‍රකාශ කළේය.

අපිව FCID ගෙනගියානම් රගර් ගැහුවා, යකඩ බට දැම්මා කියලා පොලිස්පතිවරයාට තානාපතිකමේ වැඩ බාර ඇරන් ඉල්ලා අස්වෙන්න කිවුවාහම කොහෙටද ඒ අය ගෙනියන්න වෙන්නේ?

එසේම මංගල සමරවීර මහතාගේ ප්‍රකාශ පිළිබඳව අදහස් දැක්වු නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඔහු තම අමාත්‍යංශයේ කඩා වැටීම හා ජනතා පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම වසා ගැනීමට ජනතා මතය වෙනතකට ගෙන යාමට උත්සාහ ගන්නා බවයි.

එහි අවසන් ප්‍රතිඵලය මංගල ඇමතිවරයා අමාත්‍යවරයෙක් ලෙස අසමත් වී ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.