මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ට චෝදනා එල්ල කරමින් පාප් වහන්සේ වෙත ලිපියක් යොමු කළේයැයි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත සත්‍යතාවයකින් තොර වූවක් බව වාර්තා වෙයි.
අදාළ ලිපිය පිළිබඳව මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ එය සත්‍යතාවයකින් තොර බවයි.
පසුගියදා එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ශ්‍රී ලංකාවේ ඇතිවු අර්බුධකාරී තත්ත්වය තුළ කාදිනල් හිමි ක්‍රියා කළ ආකාරය විවේචනය කරමින් මංගල සමරවීර මහතා විසින් පාප් වහන්සේට යවන ලද ලිපියක් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.