ජවිපෙ ගේන විශ්වාසභංගයට සහාය දෙනවා-මහින්ද

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංගයට සහය ලබාදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ලංකා සම සමාජ පක්ෂය සමග විජේරාම නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

ලංකා සම සමාජ පක්ෂය විසින් ඉදිරි රජයක් සඳහා වූ රටට නව මාවතක් යන තේමාව යටතේ සකස් කරන ලද යෝජනාවලියක් අද පෙරවරුවේ විජේරාම නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවේය.

අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යයට අදහස් පළ කලේය.

“මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙලා නැහැ කියලා
අද ජනපති ලේකම් කිව්වා

මේ රටේ බෝම්බයකින් මිනිස්සු මැරුණා. ඒක අතහැරලා දැම්මා.

තුවාලකාරයන්ව කවුරුත් බලන්නේ නැහැ.

ආර්ථිකය කඩා වැටිලා.

බදියුදීන් අමාත්‍යවරයාටයි, හිස්බුල්ලා, අසාද් සාලි ගැනම කතා කරලා වැඩක් නැහැ.

දැන් එයාලා ඉල්ලා අස්වුණානේ.

විපක්ෂයක් ලෙස අපි විශ්වාසභංගයක් ඉදිරිපත් කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අස්වුණා.

අපි බලාගෙන ඉන්නවා ඉදිරියට කරන දේ ගැන.

විශ්වාසභංගය වෙනත් විදිහකට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ජ.වි.පෙ.ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගේනවා.
අපි ඒකට සහයෝගය දෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සූදානම්ද කියලා එයාගෙන් අහන්න ඕනෙ.” මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසීය.

Leave A Reply

Your email address will not be published.