ලංකාවට එන සංචාරකයන් පිළිගන්න කිෂූ ගෝමස් ගුවන්තොටුපොළට යයි Video

අප්‍රේල් 21 වන දා සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ පැමිණීම විශාල ලෙස පහතට වැටුණු අතර බොහෝ රටවල් තම වැසියන්ට ශ්‍රී ලංකාවට නොයන ලෙස අවවාද කර තිබුණි. පසුව රටවල් කිහිපයක් ඉන් ඉවත් වුවද සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය නොවුනි.
මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා විශාල ප්‍රයත්නයක් ගන්නා ආකාරය පසුගිය දිනවල දකින්නට ලැබුණි.
එහි තවත් පියවරක් ලෙස ඔහු අද ගුවන් තොටුපොළට ගොස් තිබුණේ ලංකාවට එන සංචාරකයින් පිළිගෙන ඔවුන්ට ස්තුති කිරීමටයි. එම කටයුත්ත පිළිබඳව බොහෝ දෙනා ඔහුට ප්‍රසංශා කොට තිබුණු ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබුණි.
කිෂූ ගෝමස් තමන්ගේ කාර්යයන් කලට වෙලාවට නිවැරදිව ප්‍රායෝගිකව ඉටු කරන කෙනෙක්ක් ලෙස ප්‍රකට ය.
එම වීඩියෝව පහලින්

Leave A Reply

Your email address will not be published.