පැන්ෂන් නැතුව ගෙදර යනවද ? වරද පිළිගන්නවද කියා ජනපති මගෙන් ඇහුවා – පුජිත් ජයසුන්දර
වරද පිළිගත්තොත් තානාපති තනතුරක්
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කළේය.
එහිදී පොලිස්පතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් තමාට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙන ලෙසත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම තමාට බාර ගන්නා ලෙසත් පැවසු බවත් කියා සිටියේය.
පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තාකිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව තෙවන දිනට අද රැස්විය.
මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් පොලිස්පතිවරයා කියා සිටියේ, පසුගිය අප්‍රේල් 23 වන දින සවස 6.30ට පමණ ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ලබා දී රාත්‍රී 8 පමණ මුණ ගැසීමට අවශ්‍ය බව පැවසු බවයි.
ඉන්පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමා කමිටුවක් පත් කිරීමට සිටින බවත් කියා සිටි ජනාධිපතිවරයා, ප්‍රහාරයේ වගකීම පොලිස්පතිවරයා වශයෙන් තමා බාර ගත යුතු බව පැවසු බව ද පූජිත ජයසුන්දර මහතා වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවසීය.
කුමන පරීක්ෂණ කණ්ඩායමක් ඉදිරියට ගියත් තමාට වරදකරු වීමට සිදු වන බව එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා විසින් පැවසු අතර, එහිදී “පැන්ෂන් නැතුව ගෙදර යනවා ද? වරද පිළිඅරන් අස්වීම දෙනවද?“ යනුවෙන් විමසු බවද පොලිස්පතිවරයා අද දිනයේ දී සාක්ෂි දෙමින් පැවසීය.
ජනාධිපතිවරයා මෙය ඉතා කරුණාවෙන් පැවසු අතර, සිව් වතාවක් පමණ මේ ගැන විමසු බවත් පැවසු පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය.
එහිදී තමා සතු ලියවිලි ජනාධිපතිවරයාට පෙන්වු බවත්, ඒවා දෙස ජනාධිපතිවරයා ඉතා උවමනාවෙන බලා සිටි බවත් පැවසු පොලිස්පති වරයා, තමා වසර 35 ක පමණ පොලිස් සේවයේ නම කැත කර ගෙන නැතැයි ද පවසා සිටියේය.
තමා හොරෙක් නොවන බවත්, මංකොල්ලකාරයෙක් නොවන බවත් පැවසු පූජිත් ජයසුන්දර මහතා, තමා පොලීසියෙන් හම්බකර ගත්තේ නැති බවත් පැවසීය.
ජනාධිපතිවරයා සමඟ 8.45 පමණ වන තෙක් සාකච්ඡා කළ බවත්, පැවසු පොලිස්පතිවරයා දෙම්පියන්ගේ බූදලය ඇතැත් තමාට කියා තැනැක් හෝ නොමැති බව ද පැවසීය.
කෙසේ වෙතත් නැවත වතාවක් අප්‍රේල් 25 වන දා ජනාධිපතිවරයා විසින් ඇමතුමක් ලබා ගෙන අස්වීමේ ලිපිය බාර නොදීම ගැන තරහින් විමසා සිටි බවත් පැවසු පොලිස්පතිවරයා, තමාව 29 වන දින අනිවාර්ය නිවාඩු යැවු බව ද කියා සිටියේය.
තමා ධූරයෙන් ඉවත් නොවුයේ පොලීසිය පවා දීමට නොහැකි නිසා බවත් පැවසු පොලිස්පතිවරයා, තමාට පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම බාර ගෙන ඉවත් වන්නේ නම් රජයේ ඉහළ තනතුරක් හෝ තානාපති තනතුරක් දෙන බව ද ජනාධිපතිවරයා තමාට කියා සිටි බව ද පැවසීය.
උපුටා ගැනීම – අද දෙරණ