නුවර-දිවුලපිටිය මාර්ගයේ හොරස්මුල්ල ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගිය යොහෝවා විග්නස් නැමති ආගමික ස්ථානයක් හේතුවෙන් එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.
අද(06) උදෑසන මෙම සිදුවීම සිදුව තිබෙනවා.
ගම්වාසීන් පවසන්නේ මෙම නිවසේ සිටින කාන්තාවන් තිදෙනා ගම්වාසීන්ට මුදල් ලබාදී මෙම යොහෝව විග්නස් නැමති ආගම වෙත බඳවා ගන්නා බවයි.
ප්‍රදේශවාසීන් අදාළ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ මුදල් දී මෙලෙස ආගම්වලට බඳවා නොගන්නා ලෙසයි.
මේ අතර ප්‍රදේශයේ භික්ෂූන්වහන්සේලා සහ පොලීසිය මෙම ස්ථානය වෙත පැමිණ ඇති අතර එහිදී අදාළ කන්තාවන් තිදෙනා විසින් භික්ෂූන්වහන්සේලාට බැණ වැදීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හට ගත්තේය.
පසුව පොලීසිය විසින් ඉල්ලා සියියේ මෙම ගැටළුව විසඳෙන් තුර යළි මෙම ස්ථානයේ ආගමික කාර්යන් හෝ බඳවා ගැනීම් සිදු නොකරන ලෙසයි.