අපිට ලකුණු ගන්න බැරිවුණේ මේ තණතීරු හොද නැති නිසා..තණතීරු ලැබුණම මැතිව්ස් – මෙන්ඩිස් ලකුණු අතරට ඒවි – හතුරුසිංහ

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ කිරීමට ලැබුණු තණතීරු දෙකම එක් දින තරඟ සඳහා ගැලපෙන තණතීරු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සඳහන් කරයි.

ඉදිරියේදී හොඳ තණතිරුවක් ලැබුණු පසු ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස් ලකුණු අතරට එනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.

ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේ ජය ගැනීමෙන් පසුව පුහුණු කරු කියා සිටියේ එය ශ්‍රී ලංකාවේ එකමුතුභාවය වෙනුවෙන් අත්‍යවශ්‍යව තිබූ ජයග්‍රහණයක් බවයි.

ඉදිරියේදී වඩාත් හොදින් ක‍්‍රිඩා කිරිමට කණ්ඩායමට හැකිවනු ඇති බවද ඔහු පැවසීය.

Leave A Reply

Your email address will not be published.