නැවතත් ජාතික ආණ්ඩුවක්..? කොළඹ ප‍්‍රබල නිවෙස්වල තීරණාත්මක සාකච්ඡා..

ඇතිව තිබෙන දේශපාලන අවුල් වියවුල් සහගත තත්ත්වය මත නැවතත් ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුවී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනකුගේ කොළඹ පිහිටි නිවාස වල මේ සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක් පැවැත්වී ඇති බවද වාර්තා වෙයි.

ඇතිවී තිබෙන තත්වය මත එක්සත් ජාතික පක්‍ෂය සමගින් එක්ව ආණ්ඩුවත් පිහිටුවා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කල යුතු බව එහිදී සාකච්චා කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කුමන ආකාරයේ ස්ථාවරයක් ගන්නේ දැයි අදහස් පළකර නැති අතර කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සන්ධාන මහ ලේකම්වරයා විසින් එම වාර්තා බැහැර කලේය.

Leave A Reply

Your email address will not be published.