මම වඩු මඩු තහනම් කරනවා

අවුරුදු 5ක් දෙනවා වෙන ජොබ් හොයාගන්න

ගස් කැපීම සඳහා භාවිත කරන යන්ත්‍ර ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) පෙරවරුවේ කොළඹ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින්.

ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා..,

“ගිය සතියේ පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මම කිවුවා වහාම කැබිනට් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ගේන්න ලංකාවට පිටරටින් ගේන ගස් කපන මැෂින් ගෙන ඒම තහනම් කරන්න.

ලෝකයේ පරිසර සංරක්ෂණය පිළිබඳව තද නීති රීති තියෙන රටවල්වල ගස් කපන මැෂින් සම්පූර්ණයෙන් තහනම්.

ලංකාවේ ලොකු සල්ලිකාරයෝ ලොකු ලී මෝල් දාලා තියෙනවා.

එසේ නැති අය අතේ ගෙනියන මැෂින් පාවිච්චි කරනවා.

දුප්පත් අය වඩු මඩු ගහනවා.

මම වඩු මඩුවත් තහනම් කරනවා. පිටරටින් ගේන ගස් කපන මැෂිනුත් තහනම් කරනවා.

ලී මෝල්වලටත් අවුරුදු 5ක කාලයක් දෙනවා ව්‍යාපාරිකයින්ට වෙනත් ජොබ් එකක් හොයාගන්න.” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

Leave A Reply

Your email address will not be published.