භික්‍ෂුන් රට පුරා වෛරය පතුරනවා.. ආරක්‍ෂක අංශ නිහඬයි.. පාස්කු බෝම්බයෙන් පසු මුස්ලිම් ජනතාව පීඩාවේ..- හකීම් විදෙස් මාධ්‍යයට කියයි..

මෙරට සමහර භික්ෂූන් වහන්සේලා විසින් වෛරී ප‍්‍රකාශ කළත් ආරක්ෂක අංශ ඒ ගැන කිසිම පියවරක් නොගන්නේ යයි ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

වෛරී ප‍්‍රකාශ හෝ වෛරී කි‍්‍රයා පාලනය කිරීම සදහා ආණ්ඩුව කටයුතු කර නැතැයිද ඔහු ඔස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනයක් වෙත අදහස් පල කර ඇත.

මෑතකදී ජනාධිපති සමාව යටතේ නිදහස් වූ භික්‍ෂූන් වහන්සේ නමක්ද වෛරී ප‍්‍රකාශ කරන භික්ෂූන් වහන්සේලා අතර සිටින බවත් රටේ විවිධ තැන්වලට ගොස් විවිධ ප‍්‍රකාශ සිදු කරන බවද හකීම් මහතා සදහන් කර ඇත.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ ශ‍්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරවලින් පසු විවිධ පිරිස් විසින් සිදුකරන ලද කි‍්‍රයාවන් හේතුවෙන් තමන් නියෝජය කරන මුස්ලිම් ජනතාවට පීඩා සිදුව ඇතැයිද පවසන ඔහු ආණ්ඩුව නියෝජනය කලද තමනට මුස්ලිම් ජනතාව රැක ගැනීමට හැකියාවක් නැති වූ බවද කියයි.

අද වන වට මුස්ලිම් ජනයාගේ ජන ජීවිතය හා ව්‍යාපාරද කඩා වැටී ඇති බවත් ‘අපගේ සහෘදයින් වෙනුවෙන්’ ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ බවත් හකීම් මහතා වැඩි දුරටත් කියා තිබේ.

ඉදිරියේදී වෛරීසහගත ප‍්‍රකාශ හා වර්ගවාදී කටයුතු පාලනය නොකලහොත් දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බවත් ඔහු අවධාරණය කර ඇත.

උපුටා ගැනීම – lankacnews

Leave A Reply

Your email address will not be published.