බුදු පිලිම දෙකක ශීර්ෂ කඩලා.. පස්යාල උණුසුම් වෙයි.. හමුදාව-පොලීසිය කැදවයි..

පස්යාල නගරයේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට බුද්ධ මන්දිරයක තිබූ බුදු පිළිම දෙකක ශීර්ෂයන් කඩා දැමීමේ සිද්ධියක් හේතුවෙන් එම ප‍්‍රදේශය ඊයේ දිනයේ උණුසුම් වාතාවරණයක් ඇතිවිය.

ඒ හේතුවෙන් පොලිසිය හා හමුදාව මැදිහත් ව තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්හ.

එම ස්ථානයේ ආරක්ෂිත කැමරා පද්ධතිය අක‍්‍රීයව තිබී ඇති අතර කිසියම් අයකුගේ සෙරෙප්පුවක් ද අසල වැටී තිබින.

පොලීසිය සැක පළ කරන්නේ මෙම සිදු වීම කඩාකප්පල්කාරී අරමුණින් සිදු කරන ලද්දක් විය හැකි බවයි.

මීට සම්බන්ධ වූවන් සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇත.

  • උපුටා ගැනීම – lankacnews
Leave A Reply

Your email address will not be published.