විපක්‍ෂ නායකට වෙඩි නොවදින රථයක් දීමට ජනාධිපති විරුද්ධ වේ…

වෙඩි නොවදින මෝටර් රථයක් විපක්ෂ නායකවරයාට ලබා දීම සදහා වූ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී නැති බව වාර්තා වෙයි.

එම යෝජනාව පසුගිය සතියේ අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කලද ජනාධිපතිවරයාගේ විරෝධය නිසා ඊයේ දින පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකෙරින.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ දැනටමත් විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථ තුනක් ඇති බවයි.

මුදල් ඇමතිවරයාද සදහන් කර ඇත්තේ එම යෝජනාවට නිරීක්ෂණ ඉදිරිපත් කරන බවයි.

Leave A Reply

Your email address will not be published.