මංගල ට එරෙහිව මාතර ස්වාමින් වහන්සේලා විරෝධතාවක

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කළ ප්‍රකාශවලට විරෝධය පළ කරමින් මාතර බෝධිය අසල හික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතාවක නිරතව සිටින බව වාර්තා වෙයි.

අද(05) සවස 3.30 පමණ මාතර සුදර්ශි පිරිවෙන අසලින් ආරම්භ කළ මෙම විරෝධතාවය මේ වන විටත් මාතර බෝධිය අසල අසලදී පැවත්වෙන බව දැන ගන්නට ලැබුණා.

රුහුණු රටේ භික්ෂු පෙරමුණ විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර මේ වන විට භික්ෂූන් වහන්සේලා 150කට අධික පිරිසක් සහභාගී වී ඇති වාර්තා වෙයි.

මේ අතර මෙම විරෝධතාවට සහය පළ කරමින් අද දින මාතර නගරයේ කඩ සාප්පු කිහිපයක්ද වසා තිබු බව දැන ගන්නට ලැබුණා.

Leave A Reply

Your email address will not be published.