ඉවත් වන්නේ ජනාධිපති ධුරයයි..? මෛත‍්‍රි දිගටම රාජ්‍ය නායකයා.. නව සන්ධානයකුත් සූදානම්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග නොවදින බවට කර ඇති ප්‍රකාශයෙන් ඔහු ප්‍රධාන ධාරාවේ දේශපාලනය ඉවත් වීමක් සිදු නොවන බවට ජනාධිපතිවරයාගේ සමීප ප‍්‍රතාශකයෙකු කියා සිටියේය.

ඉදිරි කාල සීමාව තුළ ජනාධිපති ක්‍රමය මෙරටින් අහෝසි වීමේ ඉඩක් ඇති බවද කී ඔහු මීළඟට බිහිවන්න රාජ නායක තනතුර සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වීමට සැලසුම් සකස් කරමින් සිටින බවද පැවසීය.

ඒ සඳහා වන නව සන්ධානයක සාකච්ඡා මේ වනවිට ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා තරඟ නොවදින බව ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කළේ යැයි පලවන වාර්තාද ඉහත ප්‍රකාශකයා පිළිගත්තේය.

ජනාධිපතිවරණයට තරඟ නොවදින බව පැවසුවා මිස රාජ්‍ය පාලනයෙන් සමුගන්නා බව හෝ රාජ්‍ය නායකයා වීම අතහරින බවක් ජනාධිපතිවරයා විසින් පවසා නැති බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

cnews

Leave A Reply

Your email address will not be published.