මුස්ලිම් ඇමතිවරුන් කිසිවෙකු ඉල්ලා අස්වී නෑ.. ජනාධිපති කාර්යාලයට අස්වීමේ ලිපි කිසිවක් දී නෑ.. ගැසට් නිවේදනයකුත් නෑ…
ආණ්ඩුව නියෝජනය කල මුස්ලිම් ඇමතිවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වූ බව කියුවත් එම ඉල්ලා අස්වීමේ ලිපි මේ වන තෙක් ජනාධිපති කාර්යාලයට ලැබී නැත.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා කියා සිටියේ එම ලිපි තමන් වෙත ලැබිය යුතු වුවද මේ දක්වා ඒවා ලැබී නැති බවයි.
මේ හේතුනෙක් ඇමති ධුරවලින් ඉවත් වීමේ ගැසට් නිවේදනය රජයේ මුද‍්‍රණාලය විසින් මේ දක්වා ගැසට් නිවේදනයක් ප‍්‍රකාශ කර නැත.
ගාසට් නිවේදනය නොලැබීම නිසා පාර්ලිමේන්තුව තව දුරටත් එම පිරිස කලින් සිටි ඉදිරි අසුන්වම සිටී.
ඇමතිවරුන් ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නම් එම අස්වීමේ ලිපි බාර දිය යුත්තේ ජනාධිපතිවරයාට වන අතර මුස්ලිම් ඇමතිවරුන් සිය ඉල්ලා අස්වීම ප‍්‍රකාශ කරන ලද්දේ පසුගිය සදුදා දිනයේදීය.