ලලිත් ගේ විෂම භාග පුර්ව ප්‍රචාරක පටය නිකුත් වේ Video

සම්මානනීය කලාකරු ලලිත් රත්නායක තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කරන විෂම භාග චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය නිකුත් වී තිබෙනවා.
මෙහි මංගල දර්ශනය ඕස්ට්‍රේලියාවේ මෙබර්න් නුවර ASTOR සිනමා ශාලාවේදී අගෝස්තු 24,සවස 02 ට පැවැත්වීමට නියමිතයි.
මීට අමතරව අගෝස්තු 25 වැනිදා ද මෙල්බර්න් නුවර මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වනවා.
අගෝස්තු 31 සහ සැප්තැම්බර් 01 ඇඩිලේඩ් හිදීත් , සැප්තැම්බර් 07 සහ 08 සිඩ්නි හිදීත්, සැප්තැම්බර් 15 වැනිදා පර්ත් හිදීත් මෙය තිර ගත වනවා.
ශ්‍රී ලාංකිකයන්ට ලබන වසරේ දී මෙම චිත්‍රපටය දැක බලා ගත හැකියි.

චීනයේ ෂැන්හයි හි පැවැත්වෙන ෂැන්හයි ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනයට ද විෂම සඳහා අවස්තාව ලැබී තිබෙනවා. එය ඉතා ඉහල අවස්තාවක් ලෙසයි සැලකෙන්නේ.
මෙම සිනමා නිර්මාණයට ජැක්සන් ඇන්තනි, හේමසිරි ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරි කුමාර, තිලක්ශනී රත්නායක ආදී පිරිසක් රංගන දායකත්වය සපයනවා.
කැමරා අධ්‍යක්ෂණය ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ පාලිත පෙරේරා ගෙන්.
ලලිත් රත්නායක මීට පෙර තෙත් සහ වියලි, අරුංගල්, තාත්තා වැනි මතකයේ රැඳෙන ටෙලි නිර්මාණ කිහිපයක් ම දායාද කොට තිබෙනවා.
මේ ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණයයි.

Leave A Reply

Your email address will not be published.