මංගලට රාජිතට චතුරට ගම්පහ පන්සල් තහනම්

මංගල සමරවීර, රාජිත සේනාරත්න යන ඇමතිවරුන්ටත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්නටත් ගම්පහ කිසිම විහාරස්ථානයකට ඇතුළු කර නොගැනීමට ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩල විහාරාධිපති සංගමය තීන්දු කර ඇත.

ඔවුන් විසින් මහා සංඝරත්නයට අපහාස කරමින් විවිධ ප‍්‍රකාශ කරන්නේ යයි මෙම තීන්දුව ගෙන ඇත්තේ ගම්පහ සාම මහා විහාරස්ථානයේදී ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවේණාධිපති පහළගම සෝමරතන නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති බල මණ්ඩල හමුවේදීය.

ඉදිරියේදී මෙරට සියළු විහාරස්ථානවල මෙම තීරණය ක‍්‍රියාත්මක කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද එහිදී අදහස් පල වූහ.

cnews

Leave A Reply

Your email address will not be published.