ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද (04) පැවති තරඟය ලකුණු 34 කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36 යි පන්දු 5 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 201 ක්.
එහි දී කුසල් ජනිත් පෙරේරා ලකුණු 78 ක් රැස්කරගත්තා.
වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා එල්ලවූ අතර මේ හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එක් කණ්ඩායමකට හිමිවන පන්දුවාර සංඛ්‍යාව 41 ක් දක්වා අඩු කෙරුණා.
ඇෆ්ගන් කණ්ඩායමට ලැබුණු ඉල්කක්ය පන්දුවාර 41 දී ලකුණු 187 ක්. එම ඉලක්කය හමා ගිය ඔවුන් පන්දු වාර 32 පන්දු 4 ක දී සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 152 ක් පමණයි. නුවන් ප්‍රදීප් කඩුළු 04 ක් සහ ලසිත් මාලිංග කඩුළු 03 ක් දවා ගන්නට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකක් ක්‍රීඩා කොට එක් තරගයක් ජයගෙන එක් තරගයක් පරාජයට පත් වී සිටිනවා.
ශ්‍රී ලංකාව සහභාගී වන මී ළඟ තරගය පාකිස්තානයට එරෙහිව ජුනි 07 වනදා බ්‍රිස්ටල් හිදී පැවැත්වෙනු ඇති .