බිස්නස් වැටිලා.. ණය ගෙවන්න විදිහක් නෑ..- කොළඹ ව්‍යාපාරිකයෝ මහින්දට කියයි

කොළඹ ව්‍යාපාර සංගමයේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විජේරාම නිල නිවාසේදී පැවැත්විණි.

ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර කරන ව්‍යාපරිකයන් මෙන්ම ඒ හා බැඳණු දිවයිනේ සියලුම නගර වල ව්‍යාපාරිකයින් ඉතා දුක්ඛිත තත්වයට හා අවිනිශ්නිත තත්වයකට මේ වන විට මුහුණ දී සිටින බව පැවසූ ව්‍යාපාර සංගමයේ නියෝජිතයින් දැනට උද්ගත වී ඇති තත්වය යටතේ තම දේපොල බැංකු ඇපකර ලෙස තබා ණය ලබාගෙන ඇති බැවැන් එම ණය ගෙවීම සඳහා සහන කාලයක අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී.

තවද, පසුගියදා පාර්ලිමේන්තුවේදී ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳව රජයේ අවධානය යොමු කරවීමට කටයුතු කිරීම සම්බන්ධව විපක්‍ෂ නායකතුමාට ඔවුන්ගේ ප්‍රශංසාව එක් කළහ.

මෙහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා හමුවූ අතර එහිදී මෙම තත්වය පිළිබඳව ඔවුන් දැණුවත් කිරීමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධව රජය සහන වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා තමන්ට පැවසූ බවද මෙහිදී පැවසීය.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමේදී අඩුපාඩු ගැන යළි සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද විපක්‍ෂ නායකතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආචාර්ය ඩී වෙන්කටේස්වරම් මහතා ඇතුළු සාමාජිකයන් පිරිසක් එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

Leave A Reply

Your email address will not be published.