වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි ගණන 700 ට ළංවෙයි-අද කුරුණෑගලට පැමිණිලි 42ක්

වෛද්‍ය මොහොමඩ් ෂාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් තවත් මව්වරුන් 42 දෙනෙකු අද කුරුණෑගල ශීක්ෂණ රෝහලට සිය පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

මේ වන විට අදාළ වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි සංඛ්‍යාව 700කට ආසන්නයි.

වෛද්‍ය මොහොමඩ් ෂාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් අදත් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත සිය පැමිණිලි ඉදිරිපත් කළේය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ කිසිවක් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ කුරුණෑගල ශාඛාවේ නියෝජිතයින් සඳහන් කළේය.

මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා වෛද්‍ය ෂාෆිගේ සිද්ධිය සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Leave A Reply

Your email address will not be published.