සාලි-හිස්බුල්ලා ඉල්ලා අස්වෙන්න කැමතියි… අස් නොවුනොත් ඉවත් කරන බව ජනාධිපති කියයි..

බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිට සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දන්වා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ප‍්‍රකාශකයෙකු නිල වශයෙන් කියා සිටියේය.

ඒ අනුව අද දහවල් කාලය ඇතුළත මෙම දෙදෙනා ධුරයන්ගෙන් ඉල්ලා අස්වනු ඇති බවට ඔහු විශ්වාසය පල කළේය.

ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය නැගෙනහිර ආණ්ඩුකාරවරයා විසින් බාර දුන් බවට පළවූ වාර්තා එම ප‍්‍රකාශකයා ප්‍රතික්ෂේප කළේය.

කෙසේවෙතත් අද දිනයේ දෙදෙනාම ඉල්ලා අස් වනු ඇති බවත් පැවසූ ඔහු ඔවුන් ඉල්ලා අස්වීමට කටයුතු නොකළහොත් ජනාධිපතිවරයා විසින් ධුරවලින් ඉවත් කිරීමට තීරණය කර ඇති බවද කියා සිටියේය.

නැගෙනහිර ආණ්ඩුකාරවරයා ධුරයෙන් ඉල්ලා අස්විමට කැමැත්ත පළකර ඇතත් බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි ජනාධිපතිවරයාට සඳහන් කර ඇත්තේ තමන් ඉල්ලා අස්නොවන බවත් ධුරයෙන් ඉවත් කරන ලෙසත්ය.

ඇමති රිෂාඩ් බදියුදීන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඊයේ පස්වරුවේම දැන්වූ බවද ඔහු පැවසීය.

lankacnews

Leave A Reply

Your email address will not be published.