ශ‍්‍රීලනිප-පොහොට්ටු සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකකම මෛත‍්‍රීට දිය යුතුයි.. අගමැතිකම මහින්දට දෙනවා.. ජනපති-අගමැති දෙකම එක පක්‍ෂයකට දෙන්න බෑ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනගන්නේ නම් මීළඟ ජනාධිපති අපේක්ෂක ධුරය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී යුතු බව එම පක්ෂ මහලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඉන්පසුව මහමැතිවරණයෙන් පසු අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දිය හැකි බවද ඔහු කියා සිටී.

එසේ නොමැතිව ජනාධිපතිධුරය, අගමැතිධුරය හා ඇමති ධුරද සියල්ල එක් පක්‍ෂයකට ලබා දිය නොහැකි බවත් මහ ලේකම්වරයා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රතිසංවිධාන ජනහමුවක් අමතමිනි.

Leave A Reply

Your email address will not be published.