සාරි අඳින්න දැමු චක්‍රලේඛය අත්හිටුවයි

රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා අපදා කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

එම චක්‍රලේයෙන් පැනනැගුණ විරෝධය හේතුවෙන් චක්‍රලේඛය අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි පැවසේ.

රජයේ ආයතනවල නිලධාරීන්ට කමිසය සහ කලිසමත්, නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරියත් අඳීම අනිවාර්ය වන අතර කිසිදු නිලධාරියෙක් මුහුණ ආවරණය නොකර අනන්‍යතාවය හඳුනාගත හැකි අයුරින් සිටිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් කර තිබිණ.

Leave A Reply

Your email address will not be published.